SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ගැබ්ගැනීමෙන් සහ දරු ප්‍රසූතියෙන් පසු නැවතත් සුරක්ෂිතව ක්‍රීඩාවට පිවිසීමට

සහාය වීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිය නවතම මාර්ගෝපදේශ මාලාව (Return to Play Post-Pregnancy Guidelines) එළිදක්වා තිබේ. ක්‍රීඩිකාවන්, ජාතික ක්‍රිකට් පාලක මණ්ඩල, වෛද්‍ය කාර්ය මණ්ඩල සහ පුහුණුකරුවන් වෙත ප්‍රායෝගික රාමුවක් සැපයීම මෙහි මූලික අරමුණ වී ඇත.

 

 

 

මව් පදවිය සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාව අතරින් එකක් තෝරා ගැනීමට ක්‍රීඩිකාවන්ට මින් ඉදිරියට සිදු නොවන බව තහවුරු කිරීම මෙම නව ප්‍රතිපත්තියේ පදනමයි. මේ හරහා, එක් එක් රටවල දේශීය නීතිවලට අනුකූලව තම ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගැබ්ගැනීම් සහ යළි ක්‍රීඩාවට පිවිසීමේ ප්‍රතිපත්ති සකස් කරගැනීමට සාමාජික රටවලට මඟපෙන්වීමක් ද ලබාදෙයි.

 

 

30751f95-eb56-4a9b-9410-aad72eb3bf65.jpeg

 

 

ක්‍රීඩිකාවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රායෝගික සහයෝගයක් ලබාදීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව ‘6 R’ (6 Rs) නැමැති රාමුවක් මත පදනම් වී ඇත.

 

එනම්,

  • Ready (සූදානම)

  • Review (සමාලෝචනය)

  • Restore (ප්‍රතිෂ්ඨාපනය)

  • Recondition (යළි තත්ත්වයට පත් කිරීම)

  • Return (යළි පැමිණීම)

  • Refine (වඩාත් ඔපමට්ටම් කිරීම)

 

දරු ප්‍රසූතියෙන් පසු මූලික සුවය ලැබීම, වෛද්‍ය සහ මානසික සුවතා සමාලෝචන, ක්‍රමානුකූලව නැවත පුහුණුවීම් ආරම්භ කිරීම, ක්‍රිකට් ක්‍රීඩාවට ආවේණික ශාරීරික යෝග්‍යතාව ලබා ගැනීම සහ යළිත් තරගකාරී ක්‍රීඩාවට පිවිසීමෙන් පසු අඛණ්ඩව අධීක්ෂණය කිරීම මෙම රාමුවට ඇතුළත් වේ.

 

 

0fd07ac2-b668-4c69-a9c5-5e92185d318f.jpeg

 

 

මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කළේ ICC වෛද්‍ය උපදේශක කමිටු සාමාජිකා මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෛද්‍යවරිය වන ආචාර්ය ෆිලිපා ඉන්ජ් (Dr Philippa Inge) විසිනි.

ඇය පෙන්වා දෙන පරිදි,

"දරු ප්‍රසූතියක් යනු ක්‍රීඩිකාවකගේ වෘත්තීය ජීවිතයේ අවසානය නොවන බව පෙන්වා දීම මෙහි ප්‍රධාන අරමුණයි. නම්‍යශීලී පුහුණු පරිසරයක් නිර්මාණය කිරීම, පහසුකම් සඳහා අඛණ්ඩ ප්‍රවේශය ලබාදීම, ළමා සුරැකුම් උපදෙස්, ක්‍රීඩාංගණ තුළ දරුවන්ට කිරි දීම හෝ රැකබලා ගැනීම සඳහා සුදුසු ස්ථාන වෙන් කිරීම සහ හැකි සෑම විටම ගමන් බිමන් සඳහා සහාය වීම වැනි ප්‍රායෝගික කරුණු රැසක් මීට ඇතුළත් වෙනවා."

 

 

icc-post-pregnancy-guidelines_1.jpeg

 

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩිකා ඇෆි ෆ්ලෙචර් ද මෙම පියවර අගය කර ඇත. ඇය 2021 වසරේදී සිය දරුවාගේ උපතින් පසු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩිකාවකි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගත් විශිෂ්ටතම තීරණයක් ලෙස මෙය හැඳින්වූ ඇය, පවුල් ජීවිතයත් වෘත්තීය ක්‍රීඩාවත් සමබර කරගැනීමට මෙය ක්‍රීඩිකාවන්ට විශාල ශක්තියක් වන බව ප්‍රකාශ කර තිබේ.

 

 

icc_woman_2_5.jpeg

 

 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින වත්මන් පසුබිම තුළ, දක්ෂ ක්‍රීඩිකාවන් ක්‍රීඩාව තුළ රඳවා ගැනීම සහ ඔවුන්ට රැකවරණය සැලසීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. ඒ අනුව, මව් පදවියත් ක්‍රීඩා ජීවිතයත් සාර්ථකව සමතුලිත කරගැනීමට ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වටපිටාව සහ සුබසාධනය තහවුරු කිරීමේලා මෙම නව ICC මාර්ගෝපදේශ මාලාව සුවිශේෂී පියවරක් වනු ඇත.

 

 

(ද අයිලන්ඩ් ඇසුරිනි)

 

 

නවතම ලිපි