සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස
ක්‍රිකට් තරගාවලිය අරඹමින් පළමු තරගය අද (30 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ලෝක කුසලානට පෙර දෙපිලම සහභාගිවන අවසන් තරගාවලිය මෙම තරගාවලිය වන අතර මෙය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 3කින් යුත් ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියක් මෙරටදී පැවැත්වෙන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2021 වසර එංගලන්ත තරග සංචාරයේදී කණ්ඩායම් දෙක අවසන් වරට ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියකදී හමු වූ අතර එහිදී තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය. කණ්ඩායම් දෙක අතර පැවැති විස්සයි විස්ස තරග 14කදී තරග 9ක් ජය ගැනීමට එංගලන්තය සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව තරග 5ක ජය හිමිකරගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව අවසන් වරට විස්සයි විස්ස තරගයක් ජයග්‍රහණටය කිරීමට සමත්ව ඇත්තේ 2014 වසරේදීය.
තරගාවලියට පෙර කණ්ඩායම් නායකයන් සහභාගි වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක, පවන් රත්නායක සහ ප්‍රමෝද් මදුෂාන් යන එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් සචිතයට කැඳවීම පිළිබඳව යොමු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන්නේය. අදාළ ක්‍රීඩකයන් අවශ්‍යතාවක් වුවහොත් ක්‍රීඩා කිරීම සඳහා දෙවැනි පෙළක් ලෙස සංචිතයට ගෙන්වා ඇති බව එහිදී පැවසිණි. එමෙන්ම කමිඳු මෙන්ඩිස් සහ ට්‍රවීන් මැතිව් සංචිතයෙන් ඉවත් කිරීම තේරීම් කමිටුව ද ඇතුළුව සාමූහිකව ගත් තීරණ බවත්, ට්‍රවීන් මැතිව්ට ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අවස්ථාව හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන්, එංගලන්ත සංචාරය මෙන්ම ලෝක කුසලාන තරගාවලියේ මුල් තරගවලදී ලබා ගන්නා රිද්මය ඉතාමත් වැදගත් බවත්, අවසන් මහා තරගය දක්වා ගමන් කිරීමට කණ්ඩායමට හොඳ අවස්ථාවක් පවතින බවත් සඳහන් කළේය. ඒ සඳහා ක්‍රීඩකයන් සියලු දෙනා තම උපරිම දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් පැවසීය.
තරගය අද රාත්‍රි 7ට ඇරැඹීමට නියමිතය.
ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, ධනංජය දි සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, එශාන් මාලිංග

