SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලොව දැවැන්තම බෞද්ධ හමුව ලෙස සැලකෙන "විශ්වීය බොදු සමුළුව - 2026" (Global Buddhist Summit)

ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපයේදී 2026 ජනවාරි 24 වන දින අතිඋත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

 

දෙවන වරටත් පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව, ඉන්දීය රජයේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය (IBC) එක්ව සංවිධානය කරනු ලබයි.

 

 

 

 

මෙවර තේමාව:

"සාමූහික ප්‍රඥාවක්, එක්සත් හඬක්, සාමකාමී සහජීවනයක්"

 

 

ලොව පුරා රටවල් 40 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් අතිපූජ්‍ය මහා සංඝරත්නය, ආධ්‍යාත්මික නායකයින් සහ ගිහි විද්වතුන් දහසකට අධික පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට එක්ව සිටිති.

 

 

සමුළුවේ විශේෂ අවස්ථා

 

සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගජේන්ද්‍ර සිං ශිකාවත් මහතා ද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජ්ජු මහතා ද සහභාගී වූහ. පාලි සහ සංස්කෘත ද්විත්ව බෞද්ධ සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ලේකම් ශාස්ත්‍රේ කෙන්සූර් ජැන්චුප් චෝඩන් රින්පොචේ හිමියන් විසින් සභාව පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව විද්වත් අධ්‍යාපනික සැසිවාරයන් ආරම්භ විය.

 

 

ශ්‍රී ලංකා නියෝජනය

 

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ මහා සංඝරත්නයක් වැඩම කර සිටිති:

 

WhatsApp Image 2026 01 25 at 11.19.16

 

 

  • අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමි: සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයට පත්වීමෙන් පසු උන්වහන්සේ සහභාගී වූ ප්‍රථම විදෙස් සමුළුව මෙයයි.
  • අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමි: ජාත්‍යන්තර බෞද්ධ සමිති සම්මේලනයෙහි සභාපති.
  • අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි මහනායක හිමි: අන්තර් ආගමික කමිටුවේ සාමාජික.
  • පූජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමි: අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි විදුහල්පති.
  • පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ හිමි: මල්වතු මහාවිහාරයේ කාරක සංඝ සභික.

 

 WhatsApp Image 2026 01 25 at 11.19.15 1

 

ගිහි විද්වත් නියෝජනය:

 

  • ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා: අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයෙහි (IBC) නියෝජ්‍ය මහාලේකම්, බෞද්ධ සහෝදරත්ව පදනමෙහි නිර්මාතෘ සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි නිර්මාතෘ.
  • ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය: පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි ලේඛකාධිකාරී.

 

ශ්‍රී ලංකාවේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙහි නිල මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරනු ලබයි.

 

 WhatsApp Image 2026 01 25 at 11.19.14

WhatsApp Image 2026 01 25 at 11.19.15

WhatsApp Image 2026 01 25 at 11.19.14 2

 

 

@ මාධ්‍ය ඒකකය|බෞද්ධ සහෝදරත්ව පදනම සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය.

 Media Unit| (Buddhist Brotherhood Foundation and Pali & Sanskrit Cultural Exchange Center)

නවතම ලිපි