SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට දේශීය පළමු පෙළ කාන්තා තරගවල ක්‍රීඩිකාවන්ගේ

තරග ගාස්තු වැඩි කිරීමට තීරණය කොට ඇත. සිය කුලුඳුල් කාන්තා එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග දේශීය ක්‍රීඩිකාවන් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව පැවැසේ.

 

ඒ අනුව ඉන්දීය දේශීය ක්‍රිකට් තරග දිනයක පෙර ගාස්තුව වූ ඉන්දීය රුපියල් 20000ක මුදල, මෙහිදී රුපියල් 50000 දක්වා ඉහළ දැමීමට තීරණය වී ඇති අතර පෙරේදා (22 වැනිදා) මුම්බායි හි පැවැති ක්‍රිකට් ඉහළම කවුන්සිල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. මෙහිදී තරග සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට එම මුදලින් අඩක් එනම් දිනකට රුපියල් 25,000) හිමිවේ. එසේම වයස් කාණ්ඩ මට්ටමින් ද තරග ගාස්තු සංශෝධනයක් සිදුකර ඇත.

 

මීට පෙර 2022 වසරේදී, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා ජාතික කණ්ඩායමේ තරග ගාස්තු පිරිමි කණ්ඩායමේ තරග ගාස්තුවට සමානව නියම කරන ලද අතර එහිදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට එක් තරගයකට රුපියල් ලක්ෂ 15 ක් හිමිවන අතර, එක්දින තරගයක් සහ විස්සයි 20 තරගයක් සඳහා මුදල් පිළිවෙළින් රුපියල් ලක්ෂ 6 ක් සහ රුපියල් ලක්ෂ 3 ක් ලෙස හිමිවන බව දැක්විණි.

 

 

නවතම ලිපි