ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපිරි ලීග කාන්තා විස්සයි විස්ස තරගාවලිය
එළැඹෙන වසරේ ජනවාරි 8 වැනිදා සිට ඇරැඹීමට නියමිතය.
තරගාවලිය සඳහා බ්ලූස්, ග්‍රේස්, ග්‍රීන්ස් සහ රෙඩ්ස් ලෙස කණ්ඩායම් 4ක් තරගවදිනු ලැබේ. මූලික වටය සඳහා තරග 12ක් ඇතුළත්වන අතර අදාළ තරග ජනවාරි 15 වැනිදා දක්වා බී.ආර්.සී, තර්ස්ටන්, කෝල්ට්ස් සහ පී. සරා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
මූලික වටය අවසානයේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් සහභාගිවන අවසන් මහා තරගය ජනවාරි 17 වැනිදා පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර ඇත.

