SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශ්වීය කරුණාවේ ජීවමාන ධර්මාලෝකය වන ශුද්ධොත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ

දකුණු ඉන්දියාවේ, කර්ණාටකයේ, ඩ්‍රෙපුන්ග් ගෝමාං ආරාමයට වැඩම කරයි.

 

 

ඉකුත් දෙසැම්බර් 13 වැනි දින ශුද්ධොත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ ධර්මශාලාවේ සිට ඉන්දියාවේ මුන්ඩ්ගොඩ්, කර්ණාටකයේ ඩ්‍රෙපුන්ග් ගෝමං ආශ්‍රමයට පිටත්ව ගිය අතර, එහිදී ටිබෙට් ජාතිකයන් සහ විදේශිකයන් විශාල පිරිසක් වීදි දිගේ පේළි ගැසී ගුවන් තොටුපළට රැස් වූයේ ශුද්ධොත්තමයන් වහන්සේගේ මහාකාරුණික ආශිර්වාද ලබා ගැනීමටයි.

 da 2

 

අනතුරුව උන්වහන්සේ දිල්ලිය බලා පියාසර කළහ. අද දින් උන්වහන්සේ ඩ්‍රෙපුන්ග් මහා ආශ්‍රමයට යන ගමනේදී දිල්ලියේ සිට කර්ණාටකයේ හුබ්ලි දක්වා වැඩම කළේ ගුවනින් ය.

 

හුබ්ලි ගුවන්තොටුපළේදී උන්වහන්සේ පිළිගනු ලැබුවේ; ඩ්‍රෙපුන්ග් ගෝමාං ආශ්‍රමයේ ආශ්‍රමාධිපති ගේෂේ ජිග්මේ ග්යාට්සෝ, ජ්‍යෙෂ්ඨ පරිපාලක මොන්ලම් ග්යාට්සෝ, දකුණේ මධ්‍යම ටිබෙට් පරිපාලනයේ ප්‍රධාන නියෝජිත ජිග්මේ ට්සුල්ට්‍රිම් විසිනි.

 

එසේම ප්‍රාදේශීය සිවිල් පරිපාලනය නියෝජනය කරමින්, හුබ්ලි-ධර්වාඩ් දිසාපති මහත්මිය, හුබ්ලි-ධර්වාඩ් පොලිස් කොමසාරිස් එන්. ශෂිකුමාර් මහතා සහ හුබ්ලි-ධර්වාඩ් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (DCP) මහනින් නන්දගන්වි යන නිළධාරීන් පිළිගැනීමට සහභාගී වූහ.


ගුවන්තොටුපළෙන් පිටතදී, විවිධ ආශ්‍රමයන් හි ආශ්‍රමාධිපතිවරුන් සහ ටිබෙට් ජනාවාස පහක ටිබෙට් ජනාවාස නිලධාරීන් විසින් ශුද්ධොත්තමයන් වහන්සේ ධර්මාධර භක්තියෙන් පිළිගනු ලැබීය.

da 3


මුන්ඩ්ගොඩ් බලා ගමන් කිරීමේ දී  විවිධ ආශ්‍රමවල භික්ෂූන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේ ඇතුළු දහස් ගණනක් ජනයා, සුදු කාතා රැගෙන, මල් සහ සුවඳ දුම් අතේ තබාගෙන උන්වහන්සේ පිළිගැනීමට මාර්ගවල පෙළ ගැසී සිටියහ. එමෙන්ම මාර්ග දෙපස ධජයන් සහ අධ්‍යාත්මික පිළිගැනීම් පුවරුවලින් අලංකාර කර තිබුණි.

 

da 4

ඩ්‍රෙපුං ගෝමාං ආරාමයට පැමිණි පසු, උන්වහන්සේ පිළිගනු ලැබුවේ, 105 වන ගාන්ඩන් ත්‍රිපා, අතිපූජ්‍ය ලොබ්සාං ඩෝර්ජේ වහන්සේ ඇතුළුව ජැන්ග්ට්සේ චෝජේ සහ ෂර්ට්සේ චෝජේ හිමිවරු හා වර්තමාන ඩ්‍රෙපුං ත්‍රිපා සහ හිටපු ඩ්‍රෙපුං ත්‍රිපාවරුන් වහන්සේ දෙදෙනෙක් විසිනි.

 

ටිබෙට් දේශයේ සිට ඉන්දියාවට සැපැමිණි පළමු පරම්පරාවේ භික්ෂූන්ට අයත් කුන්ඩෙලිං රින්පොචේ, ලිං රින්පොචේ සහ බක්සාර්හි වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ද පැමිණ සිටියහ.


මෙම පැවිදි සම්භාවනීය අමුත්තන්ට අමතරව, සිවිල් නිලධාරීන් අතරින් ධාර්වාඩ් පොලිස් කොමසාරිස් ගුන්ජන් ආර්යා, කාර්වාර් දිසාපති (DC) ලක්ෂ්මි ප්‍රියා මහත්මිය, කාර්වාර් පොලිස් අධිකාරී (SP) එම්. එන්. දීපන් මහතා සහ කාර්වාර් ප්‍රාදේශීය සභා (ZP) ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලීෂ් සසි හා සර්සි සහකාර කොමසාරිස් (AC) කාව්‍යරාණි ඇතුළුව මුන්ඩ්ගොඩ් තෙසිල්ධාර් ශංකර් ගෞඩි, ටිබෙට් ශ්‍රේෂ්ඨාධිකරණ කොමිසමේ හිටපු ප්‍රධාන විනිසුරු ටෙන්සින් ලුන්ටොක් යන අය ද උන්වහන්සේ පිළිගැනීමට එහි සිටියහ.

 

උන්වහන්සේ ඩ්‍රෙපුං ගෝමාං ආරාමය ඉදිරිපිට ශුද්ධ භූමියේ සිට රැස්වීම් ශාලාවට වැඩම කළ අතර එහිදී සිංහාසනයේ අසුන් ගත්හ.
ගාන්ඩන් ත්‍රිපා, ඩ්‍රෙපුං ත්‍රිපා, ගෝමාං ඇබට් සහ මුන්ඩ්ගොඩ්හි ටිබෙට් ජනාවාස නිලධාරී යන අය විසින් මණ්ඩලයක් පූජා කරන ලදී.


උන්වහන්සේගේ උපදේශකයන් දෙදෙනා විසින් රචනා කරන ලද උන්වහන්සේගේ ශරීරය, කථනය සහ මනස පිළිබඳ ත්‍රිත්ව නිරූපණයන් පූජා කරන ලද්දේ උන්වහන්සේගේ දීර්ඝායුෂ සඳහා වූ වන්දනාවක් ලෙසිනි.

da 5

 

තේ පැන් සහ චාරිත්‍රානුකූල සාම්ප්‍රදායික ආහාරපාන සභාවට පිළිගන්වන ලද අතර, පසුව ශුද්ධොත්තමයන් වහන්සේ කෙටියෙන් සභාව ඇමතූහ.

 

@බෞද්ධ සහෝදරත්ව පදනම