SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ආධ්‍යාත්මික හා සංස්කෘතික හුවමාරුව තුළින් ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම සඳහා

ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගිය සෙනසුරාදා උදෑසන ඉන්දියාවේ, ධර්මශාලාවේදී ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා වහන්සේව හමු වූහ.

 

 WhatsApp Image 2025 11 09 at 04.23.381

 

හෙයියන්තුඩුවෙහි පිහිටි ‘සෙම්කේ ලිං, පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මෙම සංචාරය සංවිධානය කරන ලදී.

 

එම සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබුවේ එකී මධ්‍යස්ථානයේ සභාපති, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයෙහි නියෝජ්‍ය මහාලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් ය. එතුමා ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව සංගමයේ නිර්මාතෘ ද වේ.

WhatsApp Image 2025 11 09 at 04.23.391

 

18 දෙනෙක්ගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස අතරට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 12 නමක් සහ ශාසන උන්නතිය සඳහා කැපවන විද්වත් ගිහි බැතිමතුන් 8 දෙනෙකු ඇතුලත් වූහ.

 

එම පිරිස හා දලයි ලාමා වහන්සේගේ හමුව අතරතුර, ශ්‍රී ලංකා දූත පිරිස වටිනා ත්‍යාග කිහිපයක් ද උන්වහන්සේ වෙත පූජා කළහ. එම ත්‍යාග අතර දලයි ලාමා වහන්සේගේ ටිබෙටයේ පැරණි නිවස වූ රාජකීය  පෝටාලා මාලිගාවෙහි අනුරුවක් ද වූ අතර එය ඉතා සියුම් ලෙස, ලංකා මැණික්වලින් නිර්මාණය කර තිබුණි.

 

තවද, පූජ්‍ය බෙලිගල අමරසිරි නායක ස්වාමීන් වහන්සේ විසින් බියගම ඉදිවන දකුණු ආසියාවේ විශාලතම හිඳි බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් ද, පිළිගැන්වූහ.

 

මෙම හමුව පාලි සහ සංස්කෘත බෞද්ධ සම්ප්‍රදායන් අතර කල් පවතින අධ්‍යාත්මික සම්බන්ධතාවයන් සහ අන්‍යෝන්‍ය ගෞරවය නැවතත් අවධාරණය කළේය. එමෙන්ම මෙම හුවමාරුව සාමය, ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සහ පුරාණ ඉන්දියානු දැනුම සහ බෞද්ධ සම්ප්‍රදායන් අතර සබැඳියාව පුනර්ජීවනය කිරීමත් සහ සංරක්ෂණය කිරීමත් කේන්ද්‍රගත වූවක් විය.

 

@බෞද්ධ සහෝදරත්ව පදනම

නවතම ලිපි