SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව

අද (13දා) පළමු තරගයට මුහුණ දීමට නියමිතය. ඒ අනුව බංග්ලාදේශය සමඟින් අබුඩාබිහිදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

 

 

කෙසේ වෙතත් විස්සයි-20 තරගයකදී දෙපිල මෙම වසරේදී මුහුණ දී ඇති අවස්ථා තුනේදී නොකඩවා තරග දෙකක ජය බංග්ලාදේශ පිල සතුව පැවැතීම විශේෂත්වයකි.

 

එහිදී මෙම වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති එම තරග තුනකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගැනීමටද බංග්ලාදේශ පිලට අවකාශය සැලසී තිබේ.

 

මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසින් තරග වදින ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගය එළැඹෙන 15 වැනිදා හොංකොං පිල සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

නවතම ලිපි