ඇන්ටාක්ටිකාවේ "රතු දිය ඇල්ල" නමින් හඳුන්වනු ලබන මෙම දිය ඇල්ල
මැක්මර්ඩෝ නිම්නයේ ටේලර් ග්ලැසියරයේ පිහිටා ඇති අතර එය රුධිර දිය ඇල්ල ලෙසද හඳුන්වනු ලබයි...
මෙම දිය ඇල්ලේ තිබෙන තද රතු පැහැය නිසා ග්ලැසියරයෙන් රුධිරය ගලනවාක් මෙන් පෙනීයයි... නමුත් මෙම රතු වර්ණය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ ග්ලැසියරයේ අයිස් යට සිරවී ඇති විලකින් මතුවන යකඩ බහුල අති ක්ෂාන්ද්‍රන ලුණු ජලය නිසාවෙනි... ග්ලැසියරයෙන් එළියට පැමිණෙන යකඩ හා ලුණු බහුල මෙම ජලය වාතය සමඟ මිශ්‍රවන විට, යකඩ ඔක්සිකරණය වී ජලය දීප්තිමත් රතු පැහැයට හැරෙයි...
එය සුදු වර්ණයෙන් ප්‍රදේශය වසාගෙන සිටින අයිස් කළාපය මත රතු පාටින් පැල්ලමක් ඇතිකරයි…
මෙම ජලය වසර මිලියන ගණනක් ග්ලැසියරය යට සිරවී ඇති අතර ඒවා යකඩ වලින් පොහොසත් වෙයි... ග්ලැසියරයෙන් ඉවතට ගලා ගොස් වාතයට නිරාවරණය වනවිට, මෙම යකඩ ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර යකඩ ඔක්සයිඩ් (මලකඩ) සාදයි.
එමෙන්ම මෙම ජලයේ ඇති අති ක්ෂාරයේ අධික ලුණු අන්තර්ගතය මෙම ජලය මිදීමක් නොවන අතර, පිරිසිදු ජලය මෙන් මිදීමක් ඇතිකරන අධික සීතල දේශගුණයකදී පවා එය ජලය මෙන් පවතියි...
බ්‍රිතාන්‍ය භූ විද්‍යාඥ තෝමස් ග්‍රිෆිත් ටේලර් විසින් 1911 දී මෙම රුධිර දිය ඇල්ල පළමුවෙන්ම සොයා ගත් අතර එහි පෙනුම නිසා එය එසේ නම් කළේය...
මුල් ගවේෂකයන් මුලින්ම විශ්වාස කළේ රතු පැහැය මෙම ජලයේ ඇති රතු ඇල්ගී නිසා ඇති වූ බවයි, නමුත් පසුව අධ්‍යයනවලින් පෙනී ගියේ එය ජලයේ ඇති යකඩ ඔක්සයිඩ් බවයි...
@ධම්මික සමරතුංග