SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු කලාපයේ ක්‍රිකට් ප්‍රබලයන් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

අද (සැප්තැම්බර් 9) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.

 

 

මෙම තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන නමුත්, දේශපාලනික හේතු මත එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කෙරිණි. සියලුම තරග ඩුබායි සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

 

 

කණ්ඩායම් සහ තරග රටාව

 

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කණ්ඩායම් දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතය.

  • 'ඒ' කාණ්ඩය: ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • 'බී' කාණ්ඩය: ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං

 

 

ශ්‍රී ලංකාවේ තරග කාලසටහන

 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ සිට සෘජුවම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ ඇත. ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික වටයේ තරග මෙසේය:

  • පළමු තරගය: සැප්තැම්බර් 13 වැනිදා බංග්ලාදේශය සමග අබුඩාබිහිදී
  • දෙවැනි තරගය: සැප්තැම්බර් 15 වැනිදා හොංකොං සමග ඩුබායිහිදී
  • තෙවැනි තරගය: ඇෆ්ගනිස්තානය සමග අබුඩාබිහිදී

 

මෙම තරගාවලියේ පළමු තරගය අද රාත්‍රියේ අබුඩාබි හිදී ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර පැවැත්වීමට නියමිතයි.

නවතම ලිපි