ප්‍රවීණ මාධ්‍යවේදිනියක්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකාවක් මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීම
2025 අගෝස්තු 07වන බ්‍රහස්පතින්දා, සවස 03.00ට, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වේ.
මෙම කෘතිය මනෝහාරි හේවාවසම් විසින් රචිත තෙවන ප්‍රබන්ධ කෘතිය යි. මීට පෙර ඇය ''ඇහැළමලී'' සහ ''පෙම්බරා'' යන මැයෙන් කෘති ද්විත්වයක් රචනාකොට තිබේ.
''පුරප්පට්ටුව'' කෘතිය ජනගත කෙරෙන්නේ ''පෙම්බරා'' කෘතිය ජනගත කර වසර දහයක් ඉක්ම වීමෙන් පසුව ය.