SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එරන්ද ගිනිගේ ලියූ ‘අවතරණය’ නමැති ඓතිහාසික ප්‍රබන්ධය එළි දැක්වීම

2025 අගෝස්තු මස 5 වැනි අඟහරුවාදා (අද) සවස 4.00 සිට 6.00 දක්වා සිරි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වේ. පැවැත්වේ.

 

 

WhatsApp Image 2025 07 30 at 15.53.25

 

 

ඉපැරණි මගධ රාජධානියත්, කෝසල රාජධානියත්, ශාක්‍ය ජනරජයත් පාලනය කළ රාජ කුල පවුල් අතර සිද්ධ වෙන බල අරගල මැදින් කඩා හැලෙන මිනිසෙකුගේ අනුවේදනීය ජීවිත කථාව සහ ප්‍රතිග්‍රහණය මෙම කෘතියෙන් කියවේ. එම පොදු මානව දෛවය පිළිබඳ දාර්ශනික විමසීමක් ද යටි පෙළින් දිව යයි.

 

 

මහාවංශයේ එන සිංහල රාජධානියේ ආරම්භයට වහා ම පෙර යුගයේ දේශපාලනික පරිවර්තන මෙම නවකතාව තුළ සම්පිණ්ඩනය කිරීමට කතුවරයා යත්න දරා තිබෙන අතර එමගින් සිංහල ජාතියේ සම්භවය පිළිබඳ වෙනස් මානයක් හඟවයි. බෞද්ධ සාහිත්‍යය තුළ හමු වෙන ඓතිහාසික චරිත වඩාත් මානුෂීය ස්වරූපයෙන් නිරූපණය කිරීමට ද කතුවරයා උත්සාහ දරා තිබේ. 

 

 

සිංහල නවකථාවේ මුල් ආකෘතියේ භාෂා ශෛලියෙන් ලියා ඇති මෙම නිර්මාණය නූතන සිංහල පාඨකයා හට සාරාණීය හැඟීමක් ජනිත කරවනු ඇත. ‘අවතරණය’ තුන් ඈඳුතු කථා පෙළක පළමු පොත ය.

 

 

‘ඇත් පවුර’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරමින් ලාංකේය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි එරන්ද ගිනිගේ ප්‍රකට සමාජ සහ දේශපාලන විචාර රචකයෙකි. ‘රයන් ටු ද මූන්’ (ඉංග්‍රීසි), ‘සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග’ සහ ‘ජනරජය’ ඔහුගේ කෘතීන් ය. ‘අවතරණය’ ඔහුගේ කුළුඳුල් නවකථාව ය.

 

 

නවතම ලිපි