SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබ වේදිකා නාට්‍යයක් නරඹද්දි නළු නිළියන්ගේ රඟපෑම පමණක් ම නරඹනවා නම්

ඇතැම් විට ප්‍රේක්ෂකයෙක් විදියට ඔබ දුර්වල ප්‍රේක්ෂකයෙක් විය හැකියි.


ඇයි මම එහෙම කියන්නෙ...?


නළු නිළියන් තමන්ගෙ වගකීම මොන තරම් ඉහළ මට්ටමින් ඉටු කළත් වේදිකා නාට්‍යයක් පරිපූර්ණත්වයට පත් වෙන්න අවශ්‍ය තවත් අංග බොහොමයක් තිබෙනවා; ඒ අතුරින් සුවිශේෂි අංගයක් තමයි වේදිකා පසුතල නිර්මාණය. එම කර්තව්‍යයේ නිරත වන පුද්ගලයා හඳුන්වන්නේ වේදිකා පසුතල නිර්මාපකයා යනුවෙන්; ඔහුගේ හෝ ඇගේ නම කොතැනක හෝ සඳහන් කරන්නේ 'වේදිකා පසුතල නිර්මාණය' නමැති කොටස නමට ඉදිරියෙන් යොදමින්.

 

මේ ආකාරයට ම අපි රූපවාහිනී නාට්‍යයක් හෝ සිනමා නිර්මාණයක් පිළිබඳව කතා කරනවා නම් එම නිර්මාණ ද්විත්වයෙහි ම තත්ත්වයත් මේ හා සමපාතයි. නමුත් එතනදි ''වේදිකා පසුතල නිර්මාණය'' කියන වචනය අපි භාවිත කරන්නෙ නැහැ එතනදි. ''පසුතල නිර්මාණය'' අසවලාගේ යනුවෙන් භාවිත කරන්නෙත් නැහැ. එතනදි අපි භාවිත කරන්නෙ ''කලා අධ්‍යක්ෂක'' කියන තනතුරු නාමය.

 

මේ ''කලා අධ්‍යක්ෂක'' නමැති පුද්ගලයත්  සිනමා හෝ ‌වේදිකා නිර්මාණවලට විවිධ මානවලින් සම්බන්ධ වන බෙහෝ අය මෙන් ම අදෘශ්‍යමාන පුද්ගලයෙක්. නමුත් රුපවාහිනී නිර්මාණයක් හෝ සිනමා නිර්මාණයක් සාර්ථක වෙන්න මේ පුද්ගලයාගේ සේවාව ද අත්‍යවශ්‍යයි.



The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ එබඳු අදෘශ්‍යමාන කලාකරුවෙක්;

ඔහු තමයි අජන්ත අලහකෝන්

 

සටහන - ජයසිරි අලවත්ත

theleader.lk

 

නවතම ලිපි