SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත

එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව ඇත.

 

 

අද පස්වරු 2.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

 

 

මෙම තරගයේ දී මහිදි හසන් මිරාස් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා වන අතර මේ ඔහුගේ නායකත්වයෙන් යුත් පළමු තරඟය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චරිත් අසලංක විසිනි.

 

 

දෙරට අතර 20/20 ක්‍රිකට් තරග 3ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතය.

 

බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය 2ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

නවතම ලිපි