SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාං#ගණයේ පැවැත්වෙන

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකිරීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.

 

 

පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු ලකුණු 93ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

 

ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17වන ශතකයට ලකුණු 7ක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් විය.

 

ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90-99ත් අතරදී දැවීගොස් නොතිබුණි.

 

චන්දිමාල් අවස්ථා 6කදී ලකුණු 80-89ත් අතරදී දැවීගොස් ඇත.

 

දෙරට අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටියේය.

 

කඩුල්ලේ රැඳි සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 146ක් හා ප්‍රබාත් ජයසූරිය ලකුණු 5ක් රැස්කරගෙන සිටියි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බංග්ලාදේශය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 247ට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටියි.

නවතම ලිපි