SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ඩඩ්ලි සේනානායක අවිවාහකව වෙසෙන්නේ මන්දැ?"

එවක ඔහුගේ දේශපාලන සගයෝ නිතර විමසූ ප්‍රශ්ණයකි.

 


එහෙත් කිසි විටෙක ඩඩ්ලිගෙන් ඊට නිසි පිළිතුරක් නොලැබුනේ ලු.


බොරළුගොඩ රාළහාමි ගේ දියණියක් විවාහ වී සිටියේ
වෛද්‍යවර ඩී.ඒ.ගුණතිලක සමඟය.
ඔවුනට දරුවන් පස් දෙනෙකු වූ අතර
වැඩිමලා වූයේ "විවියන් ගුණතිලක"ය.


කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ
විවියන් "එක්ෂිබිෂන්"නම් ශිෂත්වය ලබා
විශ්ව විද්‍යාලයට තේරුනද
පියා ඊට විරුද්ධ විය.


පසුව කෙසේ හෝ අරගලයක් කොට
පිය කැමැත්ත ලබා ගත් ඇය
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා
පළමු වසරේදී ඉහළ සාමාර්ථයක් ලැබුවාය.


මේ අතර කාලය වූ කලී ලාංකීය වමේ ව්‍යාපාරයේ
ස්වර්ණමය අවදිය වූ අතර
විවියන් සිය පුංචි අම්මාවරියක සමඟ
වමේ රැස්වීම් බලන්නට ගියා ය.


ඇයට "ලෙස්ලි ගුණවර්ධන"හමුවන්නේ එවිට ය.


ලෙස්ලි හා ඇයතර ප්‍රේම සබඳතාවයක් ගොඩ නැගෙන අතර
විවියන් ගේ පියා ඊටද තරයේ විරුද්ධ වේ.


නමුත් ඔවුන් දෙදෙනා විවාපත් වන අතර
ඇය "විවියන් ගුණවර්ධන"ලෙස
දේශපාලනයට පිවිස
1956 මැතිවරණයේ දී උතුරු කොළඹ අසුන ජයගෙන
පාර්ලිමේන්තුවට පිවිසියා ය.


1964 මැතිවරණයේදී දෙහිවල-ගල්කිස්ස අතුරු මැතිවරණයේදී
ජයග්‍රහනය කොට 1977 වන තුරු පාර්ලිමේන්තුව නියෝජනය කළාය.


පාර්ලිමේන්තුව තුළ ඇය දක්ෂ කථිකාවක් වූවා ය.


වරක් ඇය ඩඩ්ලි සේනානායක සමඟ බරපතල විවාදයක පැටලුනා ය.
ඇය නොකඩවා කතා කරන්නට වූ හෙයින්
කතානායක වරයාට සභාව කල් තබන්නට සිදුවි ය.


නැවත සබාව අරඹන විට ඩඩ්ලි මේසේ පැවසී ය.


"ගරු කතා නායකතුමනි.
මගෙන් හැමෝම හැමදාම අහනවා
මම කසාද බඳින්නැත්තේ ඇයි කියලා.
මොහොතකට කළින්
මං හිතන්නේ කාට කාටත්
ඒකට උත්තරේ හම්බවෙන්ට ඇති !"

 

@Kamal P Alahakoon

නවතම ලිපි