"නිලධාරියාගේ බරැති පා හඬ. යකඩ රවුමක අමුණන ලද යතුරු එකසිය පනහක්,
එකට ගැටෙන හඬ. දම්වැල් හඬ. ඉතිහාසයෙන නැග එන හඬ. වහලුන්ගේ හඬ. පීඩිතයන්ගේ හඬ. කම්හලේ හඬ. වධ වේදනාවන්ට ගොදුරු වූවන්ගේ හඬ. වේදනාවේ හඬ. යතුරු කැරළි හඬ. "
මේ පොතේ පිටුවක් ගානේ ඇහෙන්නේ ඔය කුමන හෝ හඬක්. ඒත් එක්කම සමාන්තරව තව හඬක් ඇහෙනවා. කියවන මගේම හර්ද සාක්ෂියේ හඬ. මොකක්ද ඒ වරදකාරී බවේ හඬ? ඒ එතැන සිටින යමෙක් වෙනුවෙන් යමක් කළ හැකිව තිබුණා හෝ හැකියි කියන වරදකාරී බවේ හඬ. එතකොට ඒක පෞද්ගලිකව මගේ විතරක් නෙමේ මං නියෝජනය කරන පොදු මහා සමාජයේ වරදකාරී බවේ හඬ. සාධාරණත්වය වෙනුවෙන් නොනැගෙන, සැඟවෙන හඬ වෙනුවෙන් හදවත් පතුළෙන් නැගෙන පොදු මහා සමාජයේ වරදකාරී බවේ හඬ.
මේ කියන මඟුල් තේරෙන්නේ 'සිපීර්' කියවපු මනුස්සයෙක්ට විතරක් බව මං දන්නවා. ඒ නිසා මං සරලව කියන්නම්. 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' කියන තාප්ප රචනා වැකියෙන් ඔබ්බට ඒ තාප්ප ඇතුළට අපේ ඇස් බැල්ම, මනුස්සකම, මධ්‍යස්ථබව විනිවිද යා යුතු බවට යෝජනා කරන, ඒ වෙනුවෙන් තනි සටනකට එළඹිලා ඉන්න පොතක් 'සිපීර්' කියන්නේ.
පොත එළියට එන්නත් කලින් කිහිප වතාවක් කියෙව්වත්, කියවන හැම වතාවකම අලුතින් ඇස් තෙත් වෙන, හදවත වේදනාවෙන් මිරිකෙන අකුරු මේ පොතේ තියෙන්නේ. මේ ප්‍රබන්ධයක් නෙමෙයි, නවකතාවක් නෙමෙයි, ජර්නල් එකකුත් නෙමෙයි. මේ මරණයත්, ජීවිතයත් දෙකම හිමි නැති ඒ අතරමැද හුස්ම වියැකිලා යන මිනිස්සු ගැන ජීවන අත්දැකීමෙන් ලියපු කතාවක්. සිරගත කිරීමට නිසි චෝදනාවක් නිසි ලෙස ගොනු කරන්න නොහැකි වීම නිසා නඩු දිනයක් වෙනකම් දශක දෙකකට ආසන්න කාලයක් හිරගෙදරින් උසාවියටත්, උසාවියෙන් හිරගෙදරටත් යන ඇතැම් මිනිසුන්ගේ, වියැකෙන කාලය පිළිබඳ ලියවුනු කතාවක්.
පළිගැනීම මිස පිළිගැනීම අහිමිකරවනු ලබපු මිනිසුන් ගැන 'සිපීර්' කියන මේ කතාව මේ මොහොතේ තව කීදෙනෙක් කියවනවද කියන්න මං දන්නේ නැහැ. ඒත් මේක කියවිය යුතුම රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ පුටු වල රැඳී ඉන්න පිරිස කියලා මං දන්නවා.
එතනින් එහාට සහකම්පනයක් ඇති හැම මනුස්සයෙක්ම 'සිපීර්' කියවනවනම් මං කැමතියි. සහකම්පනයක්, සමාජ වගකීම හෝ වගවීම ගැන හැඟීමක් නැති මිනිස්සුත් මේ පොත කියවනවනම් විය යුතුම දේත් ඒකයි. අන්න ඊට පස්සේ අපිට පුළුවන් එකතුවෙලා "මරණයම ඉල්ලා සිටින සමාජයේ" මේ අවනඩුව වඩා ප්‍රායෝගික තැනකින් විසදන්න උත්සාහ කරන්න.
"චක්රයක, පොලීසිය - උසාවිය - බන්ධනාගාරය - කසිප්පු - කුඩු - පාතාලය එකට කැරකෙයි. නීතියේ පැවැත්ම රඳා පවතින්න නම් අපරාධ පැවතිය යුතුමයි." (ද ?)
'සිපීර්' කියවන්න!
----------------------------------------yEෂ්
@සටහන - Yesha Fernando
මොල සෙනෙවිරත්න සොයුරාගේ "සිපීර්" තුළින් මතුවන දෝංකාරය....
''මේක ඉහළින් ආපු නියෝගයක්'''
'
නියෝග ප්‍රශ්න කළ නොහැකිය. ප්‍රශ්න කළවිට නිලධාරියා ප්‍රශ්න ගොඩකට මැදිවෙයි. දේශපාලන බලය ගොඩනැගී ඇත්තේ එහෙමයි. ' (පි.10)
'දම්වැල් හඬ.....
ඉතිහාසයෙන් නැඟ එන හඬ. වහලුන්ගේ හඬ. පීඩිතයන්ගෙ හඬ. කම්හලේ හඬ. වධවේදනාවන්ට ගොදුරුවූවන්ගෙ හඬ. වේදනාවෙ හඬ.' (පි.17)
'සිර ගෙදරදී මුදල් යනු දෙවියන්ගේ මල්ලි නොව දෙවියන්මයි.' (පි.25)
'මාස්ටර් දෙමළ. මම නිදාගන්නෙ උගේ කොට්ටෙ උඩ. මොකක්ද අපි අතර තියෙන්නෙ? අපි දන්නෙ නෑ. සහෝදරකම? පුක. මුකුත් නෑ. එක බත් එක කනවා. එක බීඩිය බොනවා. යුද්ධයක් කොහේද මෙතන. හිරේ යුද්ධයක් නෑ බං.' (පි.37)
'සියලු ඉබ්බන් ගැලවිය යුතුයි!
කිසිවකුටත් පහර නොදිය යුතුයි!
නඩු නොපැවරිය යුතුයි!
අදාළ නිලධාරියා මාරු කළ යුතුයි! (පි.42)
"ගම කොහෙද?"
"වවුනියාවෙ"
"වයස කීයද"
"විස්සයි ස්වාමීනි"
"ඇයි කොළඹ ආවෙ"
"ජීවත් වෙන්න"
(පි.62)
උසාවියට හදවතක් නැහැ කියලා දන්නවා. දැන් ඒකට ඔළුවකුත් නැහැ.(පි:64)
ආගමෙන් මිනිස්සු හැදෙන්නෙ නෑ. හීලෑවෙනවා මිසක්. (පි:68)
පුනරුත්ථාපය විය යුත්තේ වැරදි කරන මිනිස් ශරීරද? වැරදි කිරීමට පොලඹවන සමාජ සංස්ථාවද? (පි:75)
සෑම සිරකරුවෙකුට කියන්නට කතාවක් තිබෙයි. නැත්තේ අසන්නට කෙනෙකුයි. (පි:76)
චෝදනා ඇත්නම් නඩු දමනු. නැත්නම් නිදහස් කරනු. (පි:88)
හැම තුවක්කුවක්ම හැම තැනකදිම පත්තු වෙන්නෙ නැහැ. ඒවට අරමුණු ති යෙනවා. (පි: 96)
නීතියේ පැවැත්ම රඳා පවතින්න නම් අපරාධ පැවතිය යුතුමයි. (පි:101)
@සටහන - Thanuja Ayagama
නිදහස !
මරණය තෝරා ගන්නට ශක්තිය නැති උන් ජිවිතය ගැන සිහින උපදවා ගනියි.ඒ සිහින සමග දවස ගෙවයි.මාස ගෙවයි.අවුරුදු ගෙවා දමයි .
තේරුමක් එක්ක ජිවිතේ කියවපු ,පොත් අතරින් ,අදටත් මාව එකම ,හැගිමකට ගාල් කරවන්න සමත් උනු පොත,"ගුරු ගීතය"
ඒ දැනුනු හැගිම අඩුවක් නැතුව,ඒ විදිහටම අදටත් දැනේනවා,
උඩ තියේන්නේ මොල සෙනවිරත්නගේ "සිපීර්"
පොතේ ඒක කොටසක්,ඒක පාරක් අකුණක් ගැහුවා වගේ හැගිමක්,කවදත් ජිවිතේ හිතපු නැති හිතන්න උවමනාවක් නොතිබුනු ජිවින් කොටසක් ගැන ,හිතන්න පොලබවපු, හැමොගේම ජිව්ත වල වටිනාකම,සුදු කලු කියලා දේයක් මේ ලොකේ නැති බව, හිතේ,බරටම කාවැදුනු පොතක්.
හරි වැරැද්ද, වෙන්කරන බෙදුම් රේකාව
ගහන්න කලින්,හිතන්න දේවල් කොච්චරක්ද ?
කියවන්නම ඕනි පොතක්
(සමහර වටිනාකම් අත්දැකීම් ජිවිතේට අරගෙන එන ඇසුරක් කියන්නේත් වටිනාකමක් ,තක්සේරුවක් වචනෙන් කියන්න බැරි වට්නාකමක්)
@සටහන - Gihani Wijesinghe
පොත් ඇණවුම් කළ හැකි ක්‍රම;
www.grantha.lk වෙබ් අඩවියට පිවීසීම මඟින් අන්තර්ජාලය හරහා ඇණවුම ලබා දීම.
6/39, අළුත් ගාලු පාර, කොරළවැල්ල, මොරටුව ලිපිනයෙහි පිහිටි Grantha.lk පොත් හලට පැමිණ මිලදී ගැනීම
කාර්යයාලීය වේලාවන් හී දී 071 9 44 88 99 දුරකථනයට ඇමතීම මඟින්.