SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.

 

 

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙයය.

 

අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹිමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා තිබේ.

2025 - 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත්ය.

 

දෙරට අතර ගාල්ලේදී අද ආරම්භවන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයයි.

 

මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය සූදානම් කර තිබුණි.

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 26ක් පවත්වා ඇති ඉන් තරග 20ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

 

තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවන 49 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර ඔවුන් මේ දක්වා එම ක්‍රීඩාංගණයේ සහභාගි වූ ටෙස්ට් තරග 48න් තරග 27ක් ජය ගැනීමට සමත්ව තිබේ.

 

 

@අරුණ

නවතම ලිපි