කොළඹ තර්ස්ටන් විදුහලේ විහස් තෙව්මිකද, මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර ද
බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය විසින් පවත්වන ලද බස්නාහිර පලාත් ක්‍රිකට් සම්මාන උළලේදී දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්හ.
මෙම සම්මාන ලාභීන් දෙදෙනාම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම්වල නායකත්වය දැරීම කැපී පෙනෙයි.
කොළඹ සී.සී.සී. ක්‍රීඩාගාරයේ පැවැති මෙවර සම්මාන ප්‍රදානයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහභාගි වූවේය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ඈෂ්ලි සිල්වා,ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න, ලේකම් බන්දුල දිසානායක සහ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන අය ද,ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෝ ද සහභාගිව සිටියහ.
මෙම සම්මාන ප්‍රදානයේදී අවු. 15 න් පහළ 17 න් පහල සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන ප්‍රදාන කරනු ලැබීය.
සම්මාන ලාභීහු
අවු. 15 න් පහළ තරගාවලිය –
හොඳම පිතිකරු – රෙෂොන් සොලමන්ස් (ශාන්ත තෝමස් විද්‍යාලය),
හොඳම පන්දු යවන්නා – මෙතම් ප්‍රනාන්දු (ශ්‍රී සුමංගල විදුහල)
තරගාවලියේ වීරයා – දුෂේන් උඩවෙල (රාජකීය විදුහල)
අවු. 17 න් පහළ තරගාවලිය
හොඳම පිතිකරු – දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය)
හොඳම පන්දු යවන්නා – මෙවන් දිසානායක (ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – රමිරු පෙරේරා (දකුණු රාජකීය විද්‍යාලය)
අවු. 19න් පහළ තරඟාවලිය
හොඳම පිතිකරු – දිනෙත් පීරිස් – (ශාන්ත ජෝන් විද්‍යාලය – පානදුර)
හොඳම පන්දු යවන්නා – විශ්ව ධනංජය – ( තර්ස්ටන් විද්‍යාලය)
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – සහන් කෞෂල්‍ය (ලුම්බිණි විද්‍යාලය)
අවු. 19 න් පහළ බාළිකා තරගාවලිය
හොඳම පිතිකාරිනි – ලිහන්සා දුල්මි (යසෝදරා බාලිකා විද්‍යාලය)
හොඳම පන්දු යවන්නිය – විශ්මි සොයිසා (වේල්ස් කුමරි විද්‍යාලය)
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – එරන්දි හංසමාලි (වාද්දුව මැදි මහ විදුහල)
බස්නාහිර පළාත් තෙවැනි කොටසේ තරගාවලිය
අනුශූරතාව – මිහිඳු ක්‍රිකට් සමාජය
ශූරතාව – කැටමරන්ස් ක්‍රිකට් සමාජය
වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩිකාව – මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විදුහල)
වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා – විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය)
@ නිශ්මං රණසිංහ
LNW