කාන්තා ක්‍රිකට් එක්දින සහ විස්සයි ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ
දින පිළිබඳ දැනුවත් කිරීමේ නිවේදනයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පෙරේදා (2 වැනිදා) නිකුත් කළේය. ඒ අනුව මෙම වසරේ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කාන්තා එක්දින තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තර්ගය සහ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටද තීරණය වී ඇත.
යම් හෙයකින් පාකිස්තාන කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලදහොත් ඔවුන් ශ්‍රී ලංකාවේදී තරග වැදීමට නියමිතය. මූලික වටයේ තරග කාල සටහන තවමත් ප්‍රකාශයට පත්ව නොමැති අතර ඉන්දු පාකිස්තාන් දේශපාලන අර්බුධ හේතුවෙන් බොහෝ විට පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමටිඩ ඇති බව පැවැසේ. එය එසේ වුවහොත් ඉන්දීය කණ්ඩායම ඩුබායි හි දී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කළා සේ පාකිස්තාන කණ්ඩායම කොළඹ දී තමන් ක්‍රීඩා කරන සියලු තරග ක්‍රීඩා කරනු ඇත.
දැනට පවතින තරග සටහන අනුව තරගාවලියේ ආරම්භක තරගය සැප්තැම්බර් 30 වැනිදා බෙන්ගලුරු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී සත්කාරක ඉන්දීය කණ්ඩායම තරග වැදීමට නියමිතය. එයට සහභාගී වන අනෙක් කණ්ඩායම තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. ප්‍රථම අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29 වැනිදා ගුවහාටි හී දී හෝ කොළඔදී පැවැත්වෙනු ඇත. දෙවැනි අවසාන් පූර්ව තරගය බෙන්ගලුරු හී දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය බෙන්ගලූරු හෝ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත. ප්‍රථම අවසන් පූර්ව තරගය සහ අදාළ අවසන් මහා තරගය කොළඹදී පැවැත්වීමේ තීරණය පාකිස්තාන කණ්ඩායම එම තරගවලට සුදුසුකම් ලැබීම මත තීරණය වනු ඇත.
මෙම තරගාවලියේ තරග ඉන්දියාවේ බෙන්ගලුරු, ගුවහාටි, ඉන්දෝර්, විසාකාපට්නම් යන ක්‍රීඩාංගණවලත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
නවසීලන්තයේ 2022 වසරේ අවසන් වරට පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එංගලන්තය පරාජය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව වත්මන් ශූරියන් ලෙස මෙම තරගාවලියට පිවිසෙන අතර තරගාවලි ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම ද වන ඔවුන් අවස්ථා හතකදී කාන්තා එක්දින ලෝක කුසලාන් හිමිකර ගෙන ඇත.
එසේම එළැඹෙන 2026 වසරේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද ආරම්භක සහ අවසන් තරග දිනයන් සහ ක්‍රීඩාංගණ පෙරේදා නිවේදනය කෙරිණි. එහිදී ක්‍රීඩාංගණ 7කදී තරගාවලිය පැවැත්වීමට නියමිත ය.
ප්‍රථම තරගය එජ්බැස්ටන් හි දී ජුනි 12 වැනිදා පැවැත්වෙන අතර එහිදී සත්කාරක එංගලන්තය සමගින් තවත් කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව තරග ජුනි 30 වැනිදා සහ ජුලි 2 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය ජුලි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
aruna