SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අප්‍රේල් සහ

මැයි මසදී කොළඹදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

 

 

සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් අප්‍රේල් මස 27 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

 

මෙහිදී මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 4 කට ක්‍රීඩා කරනු ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් දෙක 2025 මැයි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මෙම තරගාවලියේ සියලුරෑම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

 

අප්‍රේල් 27 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර

අප්‍රේල් 29 ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර

මැයි 02 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර

මැයි 04 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර

මැයි 07 දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර

මැයි 09 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර

මැයි 11 අවසන් මහ තරගය

නවතම ලිපි