SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස

හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා පත් කර තිබේ.

 

 

2025 මාර්තු 1 වන දා සිට 2026 දෙසැම්බර් 31 වන දා දක්වා මෙම පත්කිරීම බලපැවැත්වේ.

 

චාමර සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන අතර ඔහු ICC ශ්‍රේණිගත කිරීම්වල III වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වීමට පෙර ඔහු පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අතර මීට පෙර බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ සහ පානදුර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

 

2026දී ICC 19න් පහළ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සූදානම් කිරීමේ වගකීම චාමර සිල්වා වෙත පැවරේ.

 

 

නවතම ලිපි