ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන
කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලිය අතරමැදදී ඉවත් වීමට තීරණය කර තිබේ.
මේ තරගාවලියේදී යූපී වොරියර්සස් (UP Warriorz) පිල වෙනුවෙන් චමරි ක්‍රීඩා කරන අතර, නවසීලන්තයේ තරග සංචාරයකට එක්වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම සමඟ එක්වීම සඳහා චමරි මෙලෙස කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව යනු ඇත. යූපී වොරියර්ස් පිලට මෙවර තරගාවලියේදී අහිමි වන දෙවැනි ක්‍රීඩිකාව චමරි වන අතර, මින් පෙර එම කණ්ඩායමේ නිත්‍ය නායිකා ඇලීෂා හිලිටද ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි විය.
කෙසේ වෙතත් චමරි මේ 26 වැනිදා දක්වා වොරියර්ස් පිල සමඟ රැඳී සිටින අතර ඒ වන විට ඔවුන් තරග 4ක් ක්‍රීඩා කළ යුතුව තිබේ. අනතුරුව පැවැත්වෙන මූලික වටයේ තරග 3 චමරිට අහිමි වනු ඇත. කෙසේ වෙතත් 26 වැනිදායින් පසුව ඇය නවසීලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත අතර, එම තරගාවලිය ආරම්භ වන්නේ ලබන මස 4 වැනිදාය.
වොරියර්ස් පිල ඊයේ රාත්‍රියේ සිය දෙවැනි තරගයට එක්වීමට නියමිතව තිබූ අතර, පසුගිය 11 වැනිදා ක්‍රීඩා කළ පළමු තරගයට චමරි එක්ව නොසිටියාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අනිද්දා (22) නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.