නවසීලන්තය සමග තරඟ තුනකින් සමන්විත එකදින තරඟාවලියේ පළමු තරඟය
අද(13) සවස 2.30ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඇරඹීමට නියමිතය.
අද පැවැත්වෙන තරගය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වන ලදී.
“මේ තරගාවලිය ජය ගැනීමට අපිට ලොකු හැකියාවක් පවතිනවා.
මොකද අපි එක් දින තරග මේ වසරේදී ගොඩක් ක්‍රීඩා කළා. ඒවාත් අපි හොඳට ක්‍රීඩා කළා. අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා තරග ජය ලබාගැනීමට.
ඒවාගේම වනිඳු හසරංග අපට නැති එක ලොකු පාඩුවක් වගේම වැන්ඩසේ ඉන්නවා අපිට ඉන්දියාව සමග පැවති තරගයේදීත් කඩුලු 6ක් ලබා ගත්තා එයා හොඳටම සෙල්ලම් කළා.
අපි බලාපොරොත්තු වෙනවා වැන්ඩෙසේගෙන් උපරිම ලබා ගන්නට. ඒවගේ වැන්ඩෙසෙට ලැබෙන අවස්ථාව උපරිමයෙන්ම ලබා ගනියි කියලත් බලාපොරොත්තු වෙනවා.
ඒවගේම මං හිතනවා මේ තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දුගේ තැන එයාට ලැබෙයි කියලා".