Fede Alvarez විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නිකුත් වෙන්නේ 2024 වර්ශයේදී.
අධ්‍යක්ෂකවරයා ගැන කියනවනම් "Don't Breath" "Evil Dead" වැනි Horror ශානරයට අයත් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කෙනෙක් තමයි ඔහු.
Horror ශානරයත් එක්ක මේ තිබෙන සමීපත්වය නිසාම මේ චිත්‍රපටය වඩාත් සාර්ථක කරගන්න ඔහුට හැකි වෙලා තියනවා.
ඒ වගේම තව හොද සාධනීය දෙයක් තමයි Mainstream Hollywood චිත්‍රපටයක් වුවත් මෙහි Woke Culture එකට අයත් ලක්ෂන අපට දකින්නට ලැබෙන්නේ නෑ එය සාධනීයයි.
මේ කතාව ආරම්භයේදීම අපට පෙන්වනවා Jackson නම් ග්‍රහලෝකයක තියන මිනිස් විජිතයක්. මේක Weyland-Yutani සමාගම පවත්වාගෙන යන පතලක් කියලා තමයි අපිට දැන ගන්නට ලැබෙන්නේ. මුලින්ම අපිට චරිත දෙකක් හම්බෙනවා ඒ තමයි Rain (Cailee Spaeny) සහ ඇයගේ රොබෝ සහෝදරයා Andy (David Jonsson) මේ චරිත රඟදක්වන නිළිය සහ නළුවා චරිත වලට උපරිම සාධාරණයක් කරලා තියනවා. ෆිල්ම් එක මුලදීම අපිට පෙන්වනවා මේ පතලේ වැඩ කරන කම්කරුවන් ජීවත් වෙන අති දුෂ්කර කොන්දේසි සහ ඔවුන්ව සමාගමෙන් සූරාකෑමට ලක් කරලා තියන ආකාරය. මේ ග්‍රහලෝකයට හිරු එළිය ලැබෙන්නේ නෑ හිරු එළිය දැකගන්නට සහ වඩාත් යහපත් ජීවිතයක් ගත කරන්නට මේ පතල හැර යන්න Rain උත්සාහ කරනවා මොකද සමාගමේ ගිවිසුමට අනුව Rain වැඩ කරන්න ඕනි පැය 12000 ක් පමණයි ඒත් සමාගම විසින් වැඩ කරන පැය ගණන තව පැය 12000කින් වැඩි කිරීම නිසා Rain ගේ අපේක්ෂාව ව්‍යර්ථ වෙනවා. එතනදී තමයි Rain ට Tyler, Kay හා Bjorn ඇතුළු Crew එක හම්බවෙන්නේ. ඉතින් මෙයාලා සැලසුම් කරනවා මෙයාලට තියන පරණ අභ්‍යාවකාශ යානයෙන් Yvaga නම් ග්‍රහලෝකයට පැනලා යන්න මේ ග්‍රහලෝකයට යන්න වසර 9ක් ගත වෙනවා ඉතින් මේ අභ්‍යාවකාශ ගමනට ඉන්ධන සොයාගැනීම සඳහා තමයි මේ අය Jackson's Star හි කක්ෂගත වෙලා තියන යානයකට ගොඩ වෙන්නේ ඒත් ෆිල්ම් එක බලපු අපි දන්නවා ඒක හිතුවට වඩා දුක්ඛාන්තයක් වෙලා තමයි අවසාන වෙන්නේ.
මේ Alien Franchise එකම හැමවෙලේම වගේම සමාගම් විරෝධී එනම් ධනවාදයට විරුද්ධව තමයි ගොඩනැගිලා තියෙන්නේ. Xenomorph ලට පස්සේ මේකේ ඉන්න සතුරා නැතිනම් දුශ්ටයා තමයි Wayland-Yutani සමාගම. විශේෂයෙන්ම මේ ෆිල්ම් එකේ මුල් හරිය ධනවාදය ගැන විවේචනයක් විදියට තමයි මම දකින්නේ. ලාභය වැඩි කරගැනීමේ පිපාසයෙන් පෙළෙන Wayland-Yutani සමාගම අතිශය දුෂ්කර කොන්දේසි යටතේ කම්කරුවන්ව වැඩ වල යොදනවා මදිවට ගිවිසුම්ගත වැඩ කරන පැය ගණන වැඩි කිරීමට පවා ඔවුන්ගේ ලාභ අරමුණු කුරීරු විය.
Wayland-Yutani සමාගම ගැන කතා කරන කොට ඔලුවට එන සමාගමක් තමයි SpaceX සමාගම කියන්නේ. Elon Musk ගේ SpaceX සමාගමත් කවදා හරි මේ විදියේ විජිතයක් ගොඩනගයිද? ඔවුන්ගේ පරීක්ෂණ සමාජයේ යහපත පිණිසද? නැත්නම් ලාභය නිසාද?
Dimuth Bhanuka
@ සිනමා ලෝකය